[ Featuring ErandaM ]
ගලා හැලෙයි විරහ නදී
හඩා වැටි කම්පා වී
සොවින් ඈ වියරු වැටී
නිමා නොවී විඩා නෙතේ
වියෝ ගිනි දැවෙනා
බැදී ආ සසරේ
හඹා ගියේ සුවේ
නෙතු රැවටූ මායාවේ
පෙම් කතා, මල් වැහිරටා
මුවාව දුක් කදුලැලි වස්සා
ගිනි ලැවූ, සෑ අළුපුරා
මරණයේ අදෝනා ඇසුනා
නුබකුස නොපෙනී ගිය පුතු සොයා
අචිරවතීය ගිලගත් දරුපෙමා
ගත දරා, හුන් සළුපවා
අහිමිව හද වියවුල් ජාලා
උමතුවෙන්, කිම සැරි සරා
හිස හැරිඅත මන්පෙත් පීරා
මුලාවේ දැමූ බමි ලිහා
දැස් හැරබලන් නැගණී මා