ගිනිගත් ආත්මයේ දැවුණා එදා අප
ඒ උණුහුම් රැයේ ඔබට මතකද
ගලා ගිය කඳුලැලි නෙතගින් ඔබ මා දෙස බැලූ
රැඳේ තවමත් මතකයෙ ඒ සොඳුරු හැඟුම්
ඒ සොඳුරු සිතුම් ඒ සොඳුරු හැඟුම්
ඒ සොඳුරු සිතුම්
කාලය ගතවී ඇත අඳුරෙන් වැසී
අපගේ මතකයන් එහි ඇත වැළලී
සිහිනය අපගේ යළි ඇත බොඳවී
කවදා වේවිදෝ එය යළි පෙරලී
කවදා වේවිදෝ යළි එය පෙරලී
ගිනිගත් ආත්මයේ දැවුණා එදා අප
ඒ උණුහුම් රැයේ ඔබට මතකද
ගලා ගිය කඳුලැලි නෙතගින් ඔබ මා දෙස බැලූ
රැඳේ තවමත් මතකයෙ ඒ සොඳුරු හැඟුම්
ඒ සොඳුරු සිතුම් ඒ සොඳුරු හැඟුම්
ඒ සොඳුරු සිතුම්
අඳුර ඉරා දමා මේ ක්ෂිතිජ ඉමේ
ඉගිල යමු අපි අනන්තයට යළි එක්වී
කෙසේ වේවිදෝ ඒ හීනය සැබවි
ඔබ ඇත තාමත් මගේ සිතින් ඈතට වී
ඔබ ඇත තාමත් මගේ සිතින් ඈතට වී
ගිනිගත් ආත්මයේ දැවුණා එදා අප
ඒ උණුහුම් රැයේ ඔබට මතකද
ගලා ගිය කඳුලැලි නෙතගින් ඔබ මා දෙස බැලූ
රැඳේ තවමත් මතකයෙ ඒ සොඳුරු හැඟුම්
ඒ සොඳුරු සිතුම් ඒ සොඳුරු හැඟුම්
ඒ සොඳුරු සිතුම්