ඉඳහිට දඟකම් පෑ සිත පුරා
සැමවිට සිහිනෙන් ඔබ විමසුවා
ලුහුබැඳ ජීවන මගේ රැඳුනා හදේ
තුහින පින්නක් සේ
තුහින පින්නක් සේ
හදේ රැඳී
විහඟක නිකැළැල් ගී නද දරා
තනුවක පදවැල් කී හද පුරා
පිරිමැද සත්සර ලයේ නිමවුණු හැටි අගේ
ගීත රාවක් සේ
ගීත රාවක් සේ
හදේ රැඳී
මදනල සියොළඟ නිති සැරිසරා
නිබඳව ඔබෙ සිත මත දැවටිලා
සොයමින් උණුහුම මගේ
දිවයයි සිත ඔහේ
උමතු සිහිනේ මායාවී
ස්වේත අප්සරාවී