ක්ෂිතිජ මායිම් පීරා ගේනා
සුවද ඔබගේ වින්දා
දෑත දැවටී උනූහුම් වූ මා
සිහිනයෙන් ළඟ උන්නා
ඈත සයුරේ දෑසේ මානා
ඒවිදෝ හිත කීවා
සීත මෝසම් වර්ෂාවේ මා
තෙමී නොතෙමී උන්නා
මාගේ හෘදේ ආශා පුබුදා
සූර්යයා සේ දිදුලන්නා
වාලුකාවේ ගිනියම් වූ ගත
රෑ පුරා මා සිහිලෙන් දෝවන්නා
සොයා මා එනවාදෝ කුමරා
මගේ ලග සැනසෙන්නා
ශෝකයෙන් මේ චන්ද් ර සෝබා
නයිල් නදී ගං හැරයන්නා
ශ්වේත තවරා සේද යහනා
මග බලා කල් ගෙව්වා
බමරු ඇවිදින් දෑත ඉල්ලා
නුඹ නේන බව කීවා
මැදුරු සීමා පවුරු බිදලා
එන්නදෝ මා සිතුවා
රොන් නුඹේ වූ කුසුමකී මා
එන්න මා වෙත පියඹා